Thursday, June 4, 2026
Homeදේශීයතියුණු ආයුධයකින් පහරදී 24 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහරදී 24 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කෙරේ

පොළොන්නරුව, සුවසෙතගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 24ක් වූ සුවසෙතගම, ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සහ අසල්වැසියෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අසල්වැසියා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්