Tuesday, July 21, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි.

සෙසු පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   එදා ජනතා අරගලය කඩා වැටුණෙත් දේශපාලනය රිංගු නිසයි - ජනපති (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්