Friday, September 11, 2026
HomeදේශීයUPDATE: උඩ දියලුමදී තරුණියක් මිය යාම: කඳවුරු හදන්න අවස්ථාව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට..

UPDATE: උඩ දියලුමදී තරුණියක් මිය යාම: කඳවුරු හදන්න අවස්ථාව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට..

කොස්ලන්ද, උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගිය යුවලකට වන අලි පහරදී ඉන් තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ප්‍රදේශය තුළ වන අලි ගැවසෙන බව දැන සිටියදීත් යුවලට කඳවුරු බැදීමට අවස්ථාව සලසා දීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා 33 සහ 24 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.

ඔවුන් හෙට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උඩ දියලුම ප්‍රදේශයේ කඳවුරු බැදගෙන රාත්‍රිය ගත කරමින් සිටි යුවලක, තරුණිය ඊයේ(11) මියගොස් තිබෙනවා.

එහිදී තුවාල ලැබූ තරුණයා පොලීසියට පැවසුවේ, වන අලි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් තරුණිය මියගිය බවයි.

මියගිය තරුණිය 23 හැවිරිදි වියේ පසුවන මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කළා.

READ:   What kind of face mask gives the best protection against corona virus?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්