Monday, June 29, 2026
Homeදේශීය"අපි ගරුකරනවා වගේ අපිටත් ගරුකරන්න" - ක්‍රීඩා ඇමති ICCයට කියයි

“අපි ගරුකරනවා වගේ අපිටත් ගරුකරන්න” – ක්‍රීඩා ඇමති ICCයට කියයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකාව ගරුකරනවා සේම මෙරට නීතියට ද ගරුකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති ඉම්රාන් කවාජා සමග ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ජයග්‍රහණවලින් සපිරි දූෂණ වංචාවලින් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් මෙරට ඇති කිරීම තම සැලසුම බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට විෂයභාර අමාත්‍යවරයා වශයෙන් වගකීමට තමන් බැදී සිටින අතර නිවැරදි සැලසුමක් සහිතව සියලු පාර්ශ්වයන් සමග වැඩ කළ යුතු ආකාරය පිළිබඳව අමාත්‍යවරයා කවුන්සිලයේ උපසභාපතිවරයා දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීම් ඇතිද යන්න සොයා බැලීම සහ තවත් කාරණා කිහිපයක් සඳහා පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය් උප සභාපතිවරයා මෙරටට පැමිණියා.

READ:   අපේ උතුරට එකක් - දකුණට තව එකක් නෑ. දෙමළ භාෂාව කතා කරන ජනතාව ඉන්න තැන් වලදී දෙමළ භාෂාවෙනුත් ජාතික ගීය ගායනා කරනවා - මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්