Monday, July 27, 2026
HomeදේශීයUPDATE: 16 හැවිරිදි සිසුවියගේ මරණය: ලැඟුම්හල් හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට.. (VIDEO)

UPDATE: 16 හැවිරිදි සිසුවියගේ මරණය: ලැඟුම්හල් හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට.. (VIDEO)

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ලැඟුම්හල පවත්වා ගෙන ගිය හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය වයස අවුරුදු 48ක කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ද මේ වනවිට පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.

හික්කඩුවේදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගයාන් සහබන්දු නැමති ප්‍රධාන එම සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙක්.

කළුතර ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක් පිටුපස තිබී 16 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත් මළ සිරුර සොයා ගත්තේ පසුගිය සෙනසුරාදායි.

මෙය සියදිවි නසා ගැනීමක් ද එසේත් නැත්නම් ඝාතනයක් ද යන්න තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

අදාළ විඩියෝ දර්ශන පහතින්,

READ:   ජනපති ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්