Tuesday, April 21, 2026
Homeදේශීයකළුතර ළමුන් 16ක් අතවර කළ බවට සැක කරන සංඛ ටියුෂන් ගුරු අත්අඩංගුවට

කළුතර ළමුන් 16ක් අතවර කළ බවට සැක කරන සංඛ ටියුෂන් ගුරු අත්අඩංගුවට

පාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කිය.

සැකකරු පටිගත කල දර්ශණ අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරයි.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී දෙමව්පියන් දැනුවත් කර ඇති බවත් ජේෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීය.

නිවෙස් වලට යාමට ප්‍රවාහන පහසුකම් නොමැති අවස්ථා වලදී සැකකරු දැරියන් නිවෙස් වලට ඇරලවන මුවාවෙන් සිය මෝටර් රථයෙන් කැටුව ගොස් පාලු පෙදෙස් වලදී මෝටර් රථය තුල තබාගෙන අතවර කර ඇති බවත් zoom ලින්ක් දැරියනට යවා නිවැසියන් නොමැති අතරේ zoom තාක්ෂණය ඔස්සේද ලිංගික අතවර කර ඇති බව පොලිසිය අනාවරණය කටගෙන තිබේ.

අගතියටපත් දැරියන් මෙන්ම දෙමව්පියන්ද ඉදිරිපත්වීමේ මැලිකමක් නිරීක්ෂණය වන බවත්, එවැනි දැරියන් වේ නම් කළුතර උතුර පොලිසිය අසල පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටී.

කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා අපයෝජනය නිවාරණ කාර්යාංශ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක එම්.දිස්නා ප්‍රියන්ති මහත්මියගේඅ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.

සැකකරු මේ වන විට කළුතර දකුණ පොලීසියට බාර දී ඇති අතර ඔහු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්