Monday, July 27, 2026
Homeදේශීයපාසල් සිසුවියන් 16 ක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ගුරුවරයෙක් සොයා විමර්ශන..

පාසල් සිසුවියන් 16 ක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ගුරුවරයෙක් සොයා විමර්ශන..

කළුතර පාසල් සිසුවියන් දහසය දෙනෙකුට උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් ලිංගික අතරවර කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ උපකාරක පන්ති ගුරුවරයා දැරියන්ට ලිංගික අතවර කිරීමේදී ලබොන ඇති විඩීයෝ පට දහසයක් හමුව ඇති බව පොලිසිය පවසනවා.

උපකාරක පන්ති ගුරුවරයා විසින් කළුතර උතුර ගාලුපාරේ ස්ථානයක පෞද්ගලික උපකාරක පන්ති පවත්වා ඇත.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතාවක් පවත්වන බවට ඔහුගේ බිරිඳ විසින් කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඇය ,සැකකාර සැමියාගේ ලැප්ටොප් යන්ත්‍රය පරික්ෂා කිරීමේ දී සැකකරු දැරියන්ට අපයෝජනය කරන විඩියෝ හමුව තිබේ.

සැකකරු කුඩා කණ්ඩායම් වශයෙන්ද වෙනත් ස්ථානවල පන්ති පවත්වා ඇති අතර එම දැරියන්ද අපඅතර එම දැරියන් ද, ඔහු අපයෝජනය කර ඇති ද යන්න පිලිබඳව පොලිස්
විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා.

අගතියට පත් දැරියන් දෙමව්පියන් ඉදිරිපත්වීමට මැලිකමක් දක්වන බවයි පොලිසිය පැවසුවේ.

එලෙස අගතියට පත් දැරියන් වේ නම් කළුතර උතුර පොලිසිය අසල කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

කළුතර පොලිසියේ මූලිකත්වයෙන් ළමා හා කාන්තා අපයෝජන කාර්යාංශය විසින් පරික්ෂණ පවත්වයි.

READ:   කැඳවීමක් නැතුවම චාමර CID යයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්