Saturday, April 25, 2026
Homeදේශීයඋසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ නවතම තත්ත්වය

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ නවතම තත්ත්වය

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති 06 කට පෙර අවසන් කිරීමට උත්සහ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

උසස් පෙළ විභාගයට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම ඊයේ (08) ආරම්භ කළ බවත් මැයි 29 වනදා සමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් මැයි 26 වනදා සිට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව නතර කරන බවත් ඒ මහතා සඳහන් කරනවා.

කුඩා විෂයන් කිහිපයකට අදාළ පිළිතුරු පත්‍ර පමණක් සමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ඇගයීම් කිරීමට අදහස් කරන බව ඒ මහතා දිවයින පුවත්පතට පවසා තිබුණා.

උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කළ බව විභාග කොමසාරිස්වරයා ඊයේ (08) ප්‍රකාශ කර තිබුණා.

READ:   ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පහළ දැමීමට තීරණය කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්