Friday, April 24, 2026
Homeදේශීය16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට (VIDEO)

16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට (VIDEO)

කළුතර ලැගුම්හලක් අසළ දුම්රිය මාර්ගයේ තිබී සොයාගත් 16 හැවිරිදි තරුණියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සැකකරු හික්කඩුව ප්‍රදේශයේ දී අද (09) අලුයම අත්අඩංගුවට පත් වූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වයස අවුරුදු 29 ක් වූ පුද්ගලයෙකි.

ඉකුත් 06 වනදා කළුතර ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී 16 හැවිරිදි තරුණියගේ නිරුවත් මළ සිරුර හමුවුණා.

මියගිය කාන්තාව තවත් කාන්තාවත් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සමග අසල හෝටලයට 6 වනදා සවස පැමිණ එහි කාමර දෙකක් කුලියට ගෙන රැදී සිට ඉන්පසුව එක් කාන්තාවක් සහ පුද්ගලයෙක් පිටව ගොස් ඇති අතර පසුව මරණකාරිය සමඟ සිටි පුද්ගලයා ද හෝටලයෙන් පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබුණා.

පසුව සිද්ධියට සැකපිට අනෙක් තරුණයා හා තරුණිය අත්අඩංගුවට ගැණුනු අතර ප්‍රධාන සැකකාර තරුණයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ මව දැක්වූ අදහස් සහිත විඩියෝව පහතින්,

READ:   ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්