Tuesday, June 2, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවන බවයි

දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   BREAKING NEWS: මෙරටින් MonkeyPox ආසාදිතයින් දෙදෛනක් හමුවෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්