Saturday, April 18, 2026
Homeදේශීයලී වෙළඳසැලේ හිමිකාරියගේ ඝාතකයා අල්ලයි

ලී වෙළඳසැලේ හිමිකාරියගේ ඝාතකයා අල්ලයි

අතුරිගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළඳසැලක හිමිකාරිනියක් ඝාතනය කර එම ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුට පහර දී පසුව බරපතල තුවාල ලැබූ තුවාලකරු රෝහල් ගතකර සිටියදී මියයෑම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරිගිරිය පොලිසිය විසින් ඊයේ (07) සවස සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 29 ක් වූ කොරලවැල්ල ,මොරටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පොලිසිය පැවසුවා.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

READ:   BREAKING: විකාශන නියාමන පනතට විපක්ෂය ඒකමතිකව එරෙහි වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්