Thursday, June 4, 2026
Homeදේශීයචාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂයින් ජනපති හමුවෙයි

චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂයින් ජනපති හමුවෙයි

එක්සත් රාජධානියේ බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ, බාලදක්ෂිකාවන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ (07) ලන්ඩන් නුවරදී සිදුවිය.

ශලිනි පෙරේරා, අරිතා බණ්ඩාර, අසේල් බණ්ඩාර සහ සරිත් ප්‍රනාන්දු යන බාලදක්ෂ, බාල දක්ෂිකාවන් සිවුදෙනා රාජාභිෂේකය සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කළා.

ඔවුන් සමඟ සුහඳ කථා බහක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දේශගුණික අර්බුදය ඇතුළු ජාතික හා ගෝලීය අවශ්‍යතා සඳහා ක්‍රියාකාරීව නිරත වීමට බාලදක්ෂ, බාලදක්ෂිකාවන් දිරිමත් කළේය.

රටේ අනාගත නායකත්වය භාර ගැනීමට තරුණ පරපූර සූදානම් විය යුතු ආකාරය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කරුණු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව සංවිධානය කෙරිණි.

:ජනාධිපති මාධ්‍ය අංශය

READ:   හෝමාගම ගින්නේ තවත් තොරතුරු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්