Saturday, September 12, 2026
Homeදේශීය"ආයේ මේ ක්ෂේත්‍රයට මගේ දරුවෝ ගේන්නෙත් නෑ, මමත් එන එකක් නෑ.. "...

“ආයේ මේ ක්ෂේත්‍රයට මගේ දරුවෝ ගේන්නෙත් නෑ, මමත් එන එකක් නෑ.. ” – නදීර නෝනිස්

එක්තරා රූපවාහිනී නාලිකාවක අවුරුදු වැඩසටහනක දී ගායන ශීල්පී නදීර සහ ඔහුගේ දියණිය විසින් ගායනා කළ ” එරබදු මල් ” ගීතයට එම ගීතයේ මුල් අයිතිකරු ගායන ශිල්පී රජීව් සෙබස්තියන් විසින් සිය විරෝධය පළ කර තිබුණා.

ඒ එම ගීතය යූටියුබ් සමාජ මාධ්‍යට එක් කර ඇති බැවින් එය වහාම ඉවත් කර ගන්නා ලෙස දන්වමින් ඒ බව නදීර නෝනිස් සිය මුහුණු පොත තුළ සටහනක් තබමින් දන්වා සිටියා.

ඒ අනුව එම ගීතය නදීර නෝනිස් විසින් යූටියුබ් තුළින් ඉවත් කර තිබුණා.

මේ අතර රංගන ශිල්පී සුදත්ත තිලකසිරි සිය යූටියුබ් නාලිකාව හරහා රජිව් සෙබස්තියන් මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී නදීර නෝනිස්ගේ හඬපටයක් අසන්නට සලස්වා තිබේ.

තමා නොදැනුවත්ව තමන්ගේ හඬ පටිගත කර එලෙස මුදාහැරීම සම්බන්ධයෙන් නදීර නෝනිස් මීට මොහොතකට පෙර ලයිව් විඩියෝවකින් සිය කණගාටුව ප්‍රකාශ කර සිටියා.

එම විඩියෝවෙහි සබැඳිය පහතින් දැක්වේ,

https://fb.watch/kmW80agawu/

READ:   අංශභාග වූ ගෝල්ෆේස් අරගලය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්