Saturday, April 18, 2026
Homeදේශීයව්‍යාජ 5,000 නෝට්ටු තොගයක් සමග විශ්වවිද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට

ව්‍යාජ 5,000 නෝට්ටු තොගයක් සමග විශ්වවිද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට

රුපියල් 5,000 සහ 500 ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අද (04) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලිමංකඩ පොලිස් බාධකයේ සිට යාපනයේ සිට කිලිනොච්චිය දෙසට ගමන් කළ යතුරු පැදියක් පරික්ෂා කිරීමේ දී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු – 250 ක් සහ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 27 ක් සමඟ සැකකරුවන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24 ක් වූ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි විශ්ව විද්‍යාල සිසුවෙකු සහ වයස අවුරුදු 26 ක් වූ මිරුසවිල් ප්‍රද්ශයේ පදිංචි ත්‍රී රෝද රථ රියදුරෙකි.

READ:   එළවළු මිල යළි ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්