ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර්ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් අතර ඊයේ (01) පැවති තරඟයක දී විරාත් කෝලි සහ ගෞතම් ගම්භීර් අතර මත ගැටුමක් හටගත්තා.
මෙම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් මෙම ගැටුම දුර දිය යෑමට හේතු වුණා.
ගෞතම් ගම්භීර් සහ විරාත් කෝලිගේ තරඟ ගාස්තුවට සමාන දඩමුදලක් නියම කිරීමට අයි.පී.එල් බලධාරීන් තීරණය කර ඇත.
ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවති මෙම තරගයෙන් RCB කණ්ඩායම ලකුණු 18කින් තරගය ජය ගත්තා.
ගම්භීර් සහ විරාත් කෝලි විසින් වරද පිළිගෙන ඇති බවයි අයි.පී.එල් ක්‍රිකට් ආරංච් මාර්ග පවසන්නේ.






