Thursday, April 23, 2026
Homeදේශීයකොළඹ වෙඩි තැබීමක්: පුද්ගලියින් 09 දෙනෙක් රෝහල් ගත කෙරේ (VIDEO)

කොළඹ වෙඩි තැබීමක්: පුද්ගලියින් 09 දෙනෙක් රෝහල් ගත කෙරේ (VIDEO)

වෙරළබඩ පොලිස් වසමේ ඉඟුරුකඩේ හන්දිය ආසන්නයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක දේපල සොරකම් කිරීම සඳහා ගබඩාවට ඇතුළුවීමට උත්සහ කළ පිරිසක් එම ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරියාගේ ගිනි අවිය උදුරාගැනීමට තැත් කිරීමේ දී ආරක්ෂක අංශ නිලධාරියා විසින් ඊයේ (01) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු හා කාන්තාවන් 04 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතළත් කර ඇත.

තුවාලකරුවන් වයස අවුරුදු 18,43 ත් අතර අය වන බවත් තුවාලකාරියන් වයස අවුරුදු 34 හා 62 අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි කාරිනියන් බවත් පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අදාළ විඩියෝ දර්ශන පහතින් දැක්වේ,

READ:   ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්