Saturday, June 6, 2026
Homeදේශීයහොරොව්පොතාන රිය අනතුරින් යුදහමුදා සෙබලකු ඇතුලු 02 මරුට රියදුරා අනුරාධපුර ශික්ෂණ රෝහලේ

හොරොව්පොතාන රිය අනතුරින් යුදහමුදා සෙබලකු ඇතුලු 02 මරුට රියදුරා අනුරාධපුර ශික්ෂණ රෝහලේ

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති පුද්ගලික රාජකාරි ගමනක් ගොස් නැවත හොරොව්පොතාන දෙසට ගමන් ගත් අංක NC KS 1778 දරණ HYBRID PRIUS වර්ගයේ කාර් රථයක් හොරොව්පොතාන – වව්නියාව A29 මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ කිවුලකඩවල පල්ලිය අසලදී අනතුරට පත්ව තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේ කාර් රථයේ තිදෙනකු ගමන් කර ඇති අතර මෙම රථය ගවයින් දෙදෙනෙකුගේ ගැටි පසුව බෝක්කුවක ද ගැටී රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී මෙම අනතුර සිදුව ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

පෙර දින(30) රාත්‍රියේ 09.50 ට පමන සිදුවූ අනතුරකින් අවුරුදු 22 ක තරුණයෙකු එම ස්ථානයයේදීම ජීවිතක්ෂයට පත්වු අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හොරොව්පොතාන රෝහලට ඇතුත් කිරීමෙන් අනතුරුව අවුරුදු 19 ක් වයසැති තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසති.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලුත්වත්ත, මරදන්කඩවල පදිංචි 09 වන ගැමුණු හේවා බලකාය 582 බල සේනා මූලස්ථානය බගවත්ත හොරණ යුද හමුදා කදවුරේ සේවය කරන වයස අවුරුදු 33 වන සෙබලකු හා නිකවැව හොරොව්පොතාන ලිපිනයේ පදිංචි R.R.සදරු ප්‍රභාෂන නැමැති අවුරුදු 19 තරුණයෙකු වන අතර අංක 100, තිරප්පන්කඩවල ,හොරොව්පතාන ලිපිනයේ පදිංචි රථයේ රියදුරු වන HMT උදයංග බංඩාර (30) යන අය බරපතල තුවාල ලබා ඇති අතර ප්‍රදේශවාසින් එක්ව හොරොව්පොතාන ප්‍රදේශිය රොහලට ඇතුලත් කර ඇති අතර බරපතල තුවාල ලබා සිටි රියදුරු වැඩි දුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට හොරොව්පොතාන ප්‍රදේශිය රොහල් වෛද්‍යවරු කටයුතු කර ඇත.

මිය ගිය තරුණයින්ගේ දේහය හොරොව්පොතාන රෝහල මෘත ශල්‍යාගාරයේ තැම්පත් කොට ඇති අතර (01)මරණකරුවන්ගේ ඥාතින්ට භාර දීමට නියමිතව ඇතිබව රොහල් ආරංචි මාර්ග පවසති.

415554
READ:   පගාව අරන් පාස්පෝට් අරන් දෙන්න හැදුව 09 ක් පොලිස් දැලේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්