Saturday, September 12, 2026
Homeදේශීයත්‍රී රෝද රථයේ සැඟවී ආ ගංජා පොදිය

ත්‍රී රෝද රථයේ සැඟවී ආ ගංජා පොදිය

ත්‍රී රෝද රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී පුද්ගලයකු කෙරළ ගංජා කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.28 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 54/4/1, වත්තේගෙදර පාර, මහබුද්ගමුව ලිපිනයේ දී මෙම වැටලීම සිදුකර තිබේ.

එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 124 ක් සන්තකයේ තබාගෙන ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

READ:   චීවරදාරියාටයි කාන්තාවන් දෙන්නටයි පහරදුන් අය වහා අත්අඩංගුවට ගන්න පොලිස් ඇමතිගෙන් නියෝග
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්