Friday, July 24, 2026
Homeදේශීයමුලතිව් නිවසක් තුළ පුද්ගලයෙක් ඝාතනය කර මුදල් සහ රත්‍රං කොල්ල කයි..

මුලතිව් නිවසක් තුළ පුද්ගලයෙක් ඝාතනය කර මුදල් සහ රත්‍රං කොල්ල කයි..

මුලතිව් නිවසක් තුළ පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මුලතිව්, සිලාවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 28 වැනිදා අලුයම ⁣මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසනවා.

ඔහු සිය නිවසේ තම බිරිඳ හා ඥාති පුද්ගලයෙකු ද සමග පදිංචිව සිට ඇති අතර ඔවුන් නිදා සිටියදී, අලුයම පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට ඇතුළු වී තිබෙනවා.

එහිදී ඔවුන් නිවැසියන්ට පහර දී, නිවසේ තිබූ පවුම් 12 ක පමණ රන් භාණ්ඩ හා රුපියල් 50,000 ක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලීසිය කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

සැකකරුවන් කළ පහරදීම හේතුවෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

READ:   ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාරගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්