Monday, April 20, 2026
Homeදේශීයඅනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු තියුණු අයුධවලින් පහරදී ඝාතනය කෙරේ

අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු තියුණු අයුධවලින් පහරදී ඝාතනය කෙරේ

පෞද්ගලික ආරවුලක් නිසා පහරකෑමට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට නාදුනන පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය අද (28) උදෑසන පහට පමණ සිදුව තිබේ.

තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට හා පාදයකට පහරදී මෙලෙස ඝාතනය කර ඇත්තේ රෝහලේ 66 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 24 හැවිරිදි තරුයෙකි.

මියගිය තරුණයා, පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් පහරකෑමට ලක්ව ඊයේ (27) සවස ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.

ඔහු මැදවච්චිය , මන්නාරම් හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලීසිය පැවසුවා.

පහරකෑමෙන් පසුව රෝගියාව වෛද්‍යවරුන් විසින් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කලද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පැවසුවා.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   BREAKING NEWS: දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි සිතාසිය බල රහිත කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්