කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වුණා.
ඒ, ගාල්ලේදී අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදීය.
පන්දු 131කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගින් මෙන්ඩිස් මෙම ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
පසුගිය වසර කිහිපයේදී දිගින් දිගටම ක්‍රිකට් පිටිය තුළ අසාර්ථක වීම නිසා කුසල් මෙන්ඩිස් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි දෝෂාරෝපණයට ද ලක්වුණා.



