Sunday, June 28, 2026
Homeදේශීයඅජිත් රෝහණ ඇතුළු පොලිස් ලොක්කන් 07කට ස්ථාන මාරු..

අජිත් රෝහණ ඇතුළු පොලිස් ලොක්කන් 07කට ස්ථාන මාරු..

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම ස්ථාන මාරු අනුමත කර ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.

ඔහු මීට පෙර පොලිස් මූලස්ථානයේ සේවය කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු සිදුකර ඇති අතර ඔහු මීට පෙර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .එල්.ඒ .එස් ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.

ඔහු මීට පෙර සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සහ වයඹ පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ ජයලත් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ඔහු මීට පෙර නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ආර්.එල් .කොඩිතුවක්කු සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.

අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ .ඩබ්ලිව් .කේ සිල්වා වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර ඇත.

READ:   සෙල්ලකතරගම භූ කම්පනයක්..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්