Thursday, May 14, 2026
Homeදේශීයඋප්පැන්න සහතිකය නැති අයට හැඳුනුම්පත් නිකුත් කෙරේ

උප්පැන්න සහතිකය නැති අයට හැඳුනුම්පත් නිකුත් කෙරේ

උප්පැන්න සහතිකයක් නොමැති වීම නිසා ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබා නොගත් වයස අවුරුදු 40 ඉක්ම වූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් පත්‍රය සමඟ නම, උපන් දිනය සහතික කළ හැකි ලිඛිත සාක්ෂි ලෙස දරුවන්ගේ උප්පැන්න සහතික, පාසල හැරයාමේ සහතිකය, වැඩිහිටි හැදුනුම්පත්, වලංගු ගමන් බලපත්‍රය වැනි ලියවිලි ඉදිරිපත් කර ජාතික හැදුනුම්පතක් ලබා ලබාගැනීමේ හැකියාව ඇත.

වයස අවුරුදු 40 නොයික්ම වූ උප්පැන්න සහතිකයක් නොමැති අයට ඉල්ලුම් පත්‍රය සමඟ දරුකමට හදා ගැනීමේ සහතිකය සහ අදාළ ලියවිලි ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබාගැනීමේ හැකියාව ඇත.

එම නිවේදනය සහ අයදුම්පත් පත්‍රය පහතින් දැක්වේ.

READ:   රජය මැතිවරණයකට සැරසෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්