Sunday, September 13, 2026
Homeදේශීයඅවුරුදු 15 දරුවෙක් සෙල්ෆි ජොලිය වැඩි වී බිංගෙයක ගැ⁣ටී දුම්රියෙන් ඇද වැටෙයි..

අවුරුදු 15 දරුවෙක් සෙල්ෆි ජොලිය වැඩි වී බිංගෙයක ගැ⁣ටී දුම්රියෙන් ඇද වැටෙයි..

ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී 15 හැවිරිදි පිරිමි දරුවෙක් දුම්රියෙන් ඇදවැටී තිබෙනවා.

ඊයේ(22) සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ එම දරුවා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ විශේෂ දුම්රියෙන් පැමිණි මෙම දරුවා පාපුවරුවේ ගමන් කරමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඔහිය සහ ඉදල්ගස්හින්න අතර ඇති බිංගෙයක වැදී දුම්රියෙන් ඇද වැටී ඇති බවට වාර්තා වනවා. තුවාල ලබා සිටි දරුවා එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානයට රැගෙනවිත් තිබෙනවා.

අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථයකින් දරුවා දියතලාව මූලික රෝහල වෙත රැගෙන ආ බව පොලීසිය පවසනවා.

READ:   යුද හමුදා නිලධාරියකු මාලි රාජ්‍යයේ දී මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්