Friday, July 24, 2026
Homeදේශීයඋණුසුම 39°C - 45°C දක්වා ඉහළට

උණුසුම 39°C – 45°C දක්වා ඉහළට

අද (21) දිස්ත්‍රික්ක 8ක් හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පාළාත් සහ මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45 ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

සෙවන ඇති ස්ථානවල රැදි සිටීම, හැකිතාක් ජලය පානය කිරිම සහ වැඩිහිටියන් සහ රෝගින් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් බව සඳහන් වේ.

එළිමහනේ කටයුතු කරන අයෙක් නම් අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බවත් දරුවන් වාහන තුළ රදවා නොයන ලෙසත් සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

READ:   ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්