Tuesday, September 15, 2026
Homeදේශීයකුපිත වූ පස් කන්දක් ට්‍රක් රථ විසිගණනක් වළලා දමයි (PHOTO)

කුපිත වූ පස් කන්දක් ට්‍රක් රථ විසිගණනක් වළලා දමයි (PHOTO)

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යා කරන ටොර්කාම් දේශසීමාව ආසන්න මාර්ගයේ ඊයේ (18) උදෑසන විශාල නායයෑමක් සිදුව තිබෙනවා.

නායයෑමෙන් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථ ඇතුළු රථවාහන විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.

දේශසීමාව අසලින් ගමන් කරමින් තිබූ ට්‍රක් රථ ඇතුළු රථ වාහන විස්සකට අධික සංඛ්‍යාවක් යටවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. නායයෑම සිදුවන අවස්ථාවේ දේශසීමා හරස් මාර්ගය තුළ විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කරමින් තිබී ඇත.

පවතින අධික වර්ෂාව සහ අකුණු සහිත කාලගුණය මෙම නායයෑමට හේතු වී තිබේ.

මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 3 ක් මේ වන විට හමුවී ඇත.

පාකිස්තාන හමුදාව සහ හදිසි ආපදා ඒකකය එක්ව වැළලුණු ට්‍රක් රථ තුළ සිරව සිටින පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.

READ:   තද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්