Saturday, April 18, 2026
Homeදේශීයඅනතුරින් පසු පළමු වරට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍යයට කතා කරයි (VIDEO)

අනතුරින් පසු පළමු වරට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍යයට කතා කරයි (VIDEO)

තමන් අනතුරට ලක් වන විට ගමන් ගත් කැබ් රථය සුඛෝපබෝගී කැබ් රථයක් ලෙස සමහර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණද, කැබ් රථ යනු සුඛෝපබෝගී ඒවා නොවන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

අනතුරට ලක් වීමෙන් පසු අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තමන් පාවිච්චි කරන්නේ සුඛෝපබෝගී නොවන ඉඩම් වාහන කණ්ඩයට අයිති රථයක් බව අමාත්‍යවරයා පවසනවා.

ආරක්ෂක බඳ පටිය පැළඳ සිටිය නිසා තම ජීවිතය බේරුණු බව අමාත්‍යවරයා පැවසුවා.

රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ගමන් ගන් රථය මාර්ගයෙන් පිටතට පැන ලිස්සායෑමෙන් පසුගියදා අනතුරක් සිදුවුණා.

වෛද්‍යවරුන් තමාට විවේක ගැනීම සඳහා දින අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුන ද විවේකයට වඩා සියලු දෙනා වැඩ කළයුතු කාලයක් පැමිණ ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

READ:   ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් පාරට බසී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්