Thursday, August 13, 2026
Homeක්‍රීඩාලංකාවේ පුංච් කොල්ලා ඉන්දියාවේ දෝනිගේ බලාපොරොත්තු ඉටු කරයි

ලංකාවේ පුංච් කොල්ලා ඉන්දියාවේ දෝනිගේ බලාපොරොත්තු ඉටු කරයි

ශ්‍රී ලංකාවේ නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කින්ග් සහභාගි වූ තරඟයකදී තීරණාත්මක අවසන් පන්දුවාරය යොමු කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රාහණය හිමි කර දීමට සමත්ව තිබෙනවා.

මතීෂ ගේ මෙම දස්කම පිළිබඳව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මෙන්ම ඉන්දීය ප්‍රිමියර් තරඟාවලියේ සුපිරි ක්‍රීඩකයන් අතර වැඩි කතාබහට ලක්ව තිබෙනවා.

අවසන් පන්දුවාරය තුළ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායමට ජයග්‍රාහණය සදහා ලකුණු 19 ක් අවශ්‍යව තිබිය දී පන්දුවාරය ක්‍රියාත්මක කළ මතීෂ් පතිරණ ප්‍රතිවාදී බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රාහණයේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමුවා.

ඒ අවසන් පන්දුවාරය තුළ කඩුල්ලක් ද ලබා ගනිමින්.

එහිදී මතීෂ සිය පන්දුවරයේදී බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 10 ක් පමණයි.

ඉන්දීය සුපිරි ක්‍රීඩක චෙන්නායි සුපර් කින්ග් කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝනි විසින් මතීෂ පතිරණ අවසන් පන්දුවාරය සඳහා කැඳවා තිබුණා.

READ:   2024 අයවැය - ආර්ථික විද්‍යාත්මක හෝරාවක් - ජනගත කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්