Sunday, July 26, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා 21 වනදා ජන පවුරක්

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා 21 වනදා ජන පවුරක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව වසර හතරක් ගතවන එළඹෙන සිකුරාදා (21) යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පැවසුවා.

ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමෙන් උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා පැවැත්වෙන මෙම ජනපවුර ශක්තිමත් කිරීමට ජාති ආගම් භේදයකින් තොරව සියලුදෙනා එකතුවෙන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මහ මඟ ගමන් කරන පුද්ගලයින්ට හෝ රථවාහන වලට බාධාවක් නොවන ආකාරයෙන් අප්‍රේල් 21 උදෑසන සිට මෙම ජනපවුර පවත්වන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   අද දිවයින පුරා මි.මි 100ට වැඩි තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්