Friday, April 24, 2026
Homeදේශීයමුදල් පරිහරණයේදී ඔබත් විමසිලිමත්වන්න: - පොලීසිය දැනුම්දෙයි

මුදල් පරිහරණයේදී ඔබත් විමසිලිමත්වන්න: – පොලීසිය දැනුම්දෙයි


මෝදර රොක්හවුස් පටුමගේදී ඊයේ (15) දින මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 27 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය වෙත භාරදී ඇත.
ජාවාරම්කරුවන් උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු වෙළෙඳපලට එක්කිරීමට උත්සාහ දරන බවට අප නිරන්තරයෙන් මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කරයි.එබැවින් තව දුරටත් මුදල් පරිහරණයේදී ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කිරීමෙන් මෙවැනි වංචාකරුවන්ට හසුවීමේ අවධානමෙන් මිදිය හැකිය.

READ:   පොලිස් නිලධාරින් සහ නීතිඥවරුන් ක්‍රියා කළයුතු ආකාරය ගැන පොලිසිය මහජන අදහස් විමසයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්