Saturday, June 6, 2026
Homeදේශීයඡන්දය ගැන රජයේ මුද්‍රණාලයෙන් දැඩි තීන්දුවක්..

ඡන්දය ගැන රජයේ මුද්‍රණාලයෙන් දැඩි තීන්දුවක්..

පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු ද තාවකාලිකව නතර කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.

අප්‍රෙල් 25වැනිදාට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.

නමුත් ප්‍රමාණවත් මුදල් නොලැබීම හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම පියවර ගත්තා.

නමුත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිට මුද්‍රණය කර අවසන්.

මෙම කටයුතු සඳහා රුපියල් කෝටි පහකට අධික මුදලක් වැය වී ඇති අතර ඊට අදාළව මේ දක්වාත් මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබාදී නොමැති බව වාර්තා වෙනවා.

READ:   ආගමික ස්ථානවල වත්කම් ගැන හොයන්න රජය සැරසෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්