Friday, September 11, 2026
Homeදේශීයඅවුරුදු නැති පවුල් සොයා රට වටේ යන තරුණයින් පිරිස

අවුරුදු නැති පවුල් සොයා රට වටේ යන තරුණයින් පිරිස

පවතින ආර්ථික දුෂ්කරතාවන් නිසා මෙවර සිංහල අලුත් අවුරුද්ද සැමරීමට නොහැකිව සිටින පවුල් සොයා රට වටේ අවුරුදු නෑගම් යන අපූරු තරුණ තරුණියන් පිරිසක් 11 දින දඹුල්ල ප්‍රදේශයේදී හමුවිණි.

මෙදින දවස පුරා දඹුල්ල, නාඋල, ගලේවෙල, අනුරාධපුර ආදී ප්‍රදේශ වල ග්‍රාමීය ප්‍රදේශවල සිටින ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 300කට වියළි ආහාර සහිත අවුරුදු බඩු මල්ලක් ලබාදීම ක්‍රියාත්මක කෙරිණි.

මෙරට තරුණ තරුණියන් ගෙන් සැදුම්ලත් එම් ටි එෆ් ඊ (M T F E S L ) සංවිධානය මෙම අපූරු අවුරුදු නෑගම් යෑම සිදු කරන්නට විය.

මෙම තරුණ තරුණියන් අනුරාධපුර ප්‍රදේශයේ දුෂ්කර ගම්මානවල ජනාවට අවුරුද්දට අවශ්‍ය වියළි ආහාර ලබා දීම සිදු කිරීමෙන් අනතුරුව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 49ක අවුරුදු නැති ජනතාවටත් නාඋල මෙන්ම ගලේවෙල හා සීගිරිය ප්‍රදේශයේ ජනතාවටත් අවුරුදු බඩු මලු ලබාදීම සිදුකෙරිණි.

සීගිරිය විශේෂ

උපුටා ගැනීම – දිවයින පුවත්පත

READ:   ඉන්ධන කෝටාව අද සිට ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්