Tuesday, July 28, 2026
Homeදේශීයපාසල් නිවාඩුවේ වෙනසක්…

පාසල් නිවාඩුවේ වෙනසක්…

පාසල් නිවාඩුව සංශෝධනය කිරීමට තිරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, අප්‍රේල් 17 වැනිදායින් ආරම්භවන පාසල් වාරය, සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන මැයි 29 වැනිදා දක්වාම ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ අධ්‍යයන පොදු සහතකික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

නව පාසල් කාලසටහන් කඩිනමින් ප්‍රකාශයට පත් කිරිමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා සිට ජුනි 08 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ(10) නිවේදනය කළා.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු කල් දැමීමට සිදුවිය.

READ:   ජීප් රථයක් පෙරළි පාසල් සිසුන් දෙදෙනෙකු බිග්මැච් සංදර්ශනයෙදි ජීවිතක්ෂයට (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්