Friday, October 23, 2026
HomeදේශීයBREAKING- IMF අනුමැතිය හිමි වෙයි

BREAKING- IMF අනුමැතිය හිමි වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම ලබා දීම සඳහා එම විධායක කමිටුවේ අනුමැතිය හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

IMF විධායක මණ්ඩලය විසින් මෙරටට ඩොලර් බිලියන 7 ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැක වන පරිදි විස්තීර්ණ අරමුදල් පහසුකම් සලසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය පිලිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාවය පළ කර සිටියා.

IMF අනුමැතිය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

READ:   දෙදරු මවක් අතුරුදහන්: සැමියා සහ දරුවන් සහය පතයි...
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්