Wednesday, April 22, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට වැසි

ප්‍රදේශ රැසකට වැසි

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි සහ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   BREAKING NEWS: තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්