Tuesday, July 28, 2026
Homeදේශීයමංගල දිනයේ අහසට වෙඩි තිබ්බ මනාලිය සොයා පොලීසිය පීරයි

මංගල දිනයේ අහසට වෙඩි තිබ්බ මනාලිය සොයා පොලීසිය පීරයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍යයකදී මනාලිය සිය විවාහය සැමරීමට රිවෝල්වරයකින් අහසට වෙඩි තැබීමේ සිදුවීමක් එරට මාධ්‍ය වාර්තා කළේය. එම සිදුවීම අඩංගු වීඩියෝ පටයක ද මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වෙමින් තිබේ.

මනාල යුවල පෝරුවේ අසුන්ගෙන සිටියදී වෙනත් පුද්ගලයකු විසින් මනාලිය අතට රිවෝල්වරයක් දෙන අයුරුත්, ඇය එම රිවෝල්වරය ඉහළට ඔසවා වෙඩි පහර 4ක් එල්ල කරන අයුරුත් එම වීඩියෝ පටයෙන් දැක්වෙයි. ඒ මොහොතේ මනාලයා බියෙන් යුතුව ඉවත බලාගෙන සිටින අයුරු ද එහි දැක්වෙයි. අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් මනාලිය සහ මනාලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද, ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද පොලිසිය සඳහන් කර ඇත. මනාලියට රිවෝල්වරය දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

එවකට උතුරු ඉන්දියාවේ ඇතැම් පළාත්වල විවාහ මංගලෝත්සව අතරතුර සැමරුම් වෙඩි තැබීම් බහුලව සිදුවූවද, එය අනතුරුදායක තත්ත්වයක් බැවින් එවැනි සිදුවීම් විමර්ශනය කිරීමට 2016 දී උත්තර් ප්‍රදේශ් අධිකරණය පොලිසියට නියෝග කර තිබිණි. එවැනි සැමරුම් වෙඩිතැබීම්වලදී කිසිවකුට අනතුරක් සිදුවූයේ නම් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාට සිර දඬුවම් හෝ දඩයකට යටත් වීමට සිදුවන වරදක් ලෙස හඳුන්වා දී තිබේ.

:දිනමිණ පුවත්පත

READ:   පාසැල් උපකරණ වලට බලපානවා නම් සෙස් බද්ද වෙනස් කරනවා - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්