Saturday, April 25, 2026
Homeදේශීයපපුවට පිහියකින් ඇන බිරිඳ සැමියා ඝාතනය කරයි

පපුවට පිහියකින් ඇන බිරිඳ සැමියා ඝාතනය කරයි

පුලස්තිගම ප්‍රදේශයේ බිරිඳක විසින් පිහියකින් ඇන සිය සැමියා ඝාතනය කර තිබෙනවා.

බිරිඳ විසින් පපු ප්‍රදේශයට පිහියෙන් ඇනීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක වන පුද්ගලයෙකි.

ඔවුන් දෙදෙනා අතර ඊයේ (09) දහවල් කාලයේ සිට බැන වැදීම් පහරදීගැනිම් සිදුව ඇති අතර ඊයේ පස්වරුවේ නිවස තුළ දී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ඝාතනය සිදු කළ බිරිඳ ද තුවාල සහිතව පුලස්තිගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   මත් උවදුර මැඩලීමට විශේෂ කාරක සභාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්