Monday, July 20, 2026
Homeදේශීයපගාව එපා කී සැරයන්වරයාට තෑගී

පගාව එපා කී සැරයන්වරයාට තෑගී

නිතී විරෝධී ලෙස එලුවන් ප්‍රවාහනය කළ ලොරි රථයකින් දුන් රුපියල් 50,000 ක අල්ලසක් ප්‍රතික්ෂේප කළ යාපනය චාවකච්චේරි පොලීසියේ සැරයන්වරයෙකුට ත්‍යාගයක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පසුගියදා යාපනයේ සිට වවුනියාව බලා එම ලොරි රථය එලුවන් 104 දෙනෙකු පටවා ගමන් කර තිබේ.

බලපත්‍රයක් නොමැතිව ගමන් කළ ලොරි රථය සහා එලුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සැකකාර පුද්ගලයා විසින් රුපියල් පනස්දහක මුදලක් සැරයන්වරයාට ලබා දීමට උත්සහ කර ඇති අතර එම අල්ලස ප්‍රතික්ෂේප කළ සැරයන්වරයා විසින් සැකකරු සහ නීතිවිරෝධීව ප්‍රවාහනය කළ සතුන් සහිත ලොරි රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

READ:   නිවසක් තුල අවි ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්