Thursday, September 10, 2026
Homeදේශීයසේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා

සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා

සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
දකුණු කොරියානු තානාපතිවරයා සිය නික්ම යාම ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් අතර, එහිදී සුහද සාකච්ඡාවකට ද එක්විය.
ජොන්ග් වුන්ජින්ග් මහතා සිය ධුර කාලය තුළදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සිය කෘතඥතාව පළ කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශිංසන පිළිගැන්වීය. මෙම අවස්ථාව සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ද එක්ව සිටියේය.
ජොන්ග් වුන්ජින්ග් මහතා 2020 ජූලි මස 02 දා සිට මෙරට දකුණු කොරියානු තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-04-07

READ:   ඊශ්‍රායලයේ රැකියා දෙන බව කියමින් සල්ලි ගන්න අය ගැන දැනුවත් කරන්න - ඇමති මනූෂගෙන් ඉල්ලීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්