Sunday, July 19, 2026
Homeදේශීයඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටුවයි

ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටුවයි

QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගටම සිදු කරන ලද ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ නිලධාරින් සමඟ පැවති ප්‍රගති සමාලෝචන හමුවක් සඳහා එක්වෙමිනි.

එමෙන්ම සියලුම ඉන්ධන පිරවුම්හල් ඔවුන්ගේ ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   මන්දපෝෂණය දුරු කිරීමට යෝජනා 6ක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්