Tuesday, June 2, 2026
Homeදේශීයඅවුරුදු සමයේ විශේෂ බස් රථ සේවාවක්

අවුරුදු සමයේ විශේෂ බස් රථ සේවාවක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ එක්ව විශේෂ බස් රථ සේවාවක් හෙට (07) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

හෙට සිට අප්‍රේල් 15 වනදා දක්වා කොළඹ සිට පිටපලාත් දක්වා විශේෂ සේවාව යටතේ බස් රථ යොදවන බවත් අප්‍රේල් 15 වනදා සිට අප්‍රේල් 18 දක්වා පිටපලාත්වල සිට නැවත කොළඹ දක්වා එම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මගීන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව යටතේ ලංගම සහ පෞද්ගලික බස්රථ 7,000ක් පමණ සේවයට යෙදවීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   නිදහස් දිනය වෙනුවෙන් සතියක් ජාතික කොඩි දමන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්