Thursday, May 14, 2026
Homeදේශීයඡන්දෙට නාමයෝජනා දුන් නිලධාරින්ගේ නිවාඩු වැටුප් ගෙවයි

ඡන්දෙට නාමයෝජනා දුන් නිලධාරින්ගේ නිවාඩු වැටුප් ගෙවයි

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වැටුප් රහිත නිවාඩු ලබා දී ඇති රජයේ සේවකයන් සඳහා මූලික වැටුප් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

3,000ක් පමණ වන රාජ්‍ය නිලධාරින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී ඇති අතර ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට අනුව ඔවුන්ට ඒ වෙනුවන් වැටුප් රහිත නිවාඩු ලබා දී තිබුණද, මැතිවරණය කල් දමා තිබීම හේතුවෙන් ආර්ථික වශයෙන් පත් වන අපහසුතාවය සලකා ඔවුන්ට වැටුප් ගෙවීමට තීරණය කළ බව රජය නිවේදනය කරනවා.

එම වැටුප් ගෙවීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ අනුව එම රජයේ නිලධාරින්ට 2023 – 03-09 සිට 2023 – 04 – 25 දක්වා දිනවලට ආදාළ මූලික වැටුප් ගෙවීමට නියමිතයි.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   පාස්කු ප්‍රහාරයට වසර 04 යි: තවමත් විසඳී නැති ගැටළු 04 ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්