Tuesday, May 26, 2026
Homeදේශීයලාංකීය සිනමා වංශකතාවේ අව්‍යාජම දඩබ්බර ප්‍රේම සලකුණ"කලන්" - ගිහාන් ඉදුනිල්

ලාංකීය සිනමා වංශකතාවේ අව්‍යාජම දඩබ්බර ප්‍රේම සලකුණ”කලන්” – ගිහාන් ඉදුනිල්

amarasiri kalansuriya

1969දී රැයත් දවාලත්” නැතිව මේ විදිහට ටිකෙන් ටික තරුණ හදවත් සොරාගනිද්දී..”හන්තානේ කතාව1969″ ලියන්න සිතාගෙන හන්තානේ කන්දේ නගිනකොටම ලාංකීය රසිකයාගේ හදවතේ සිනමාමය “අක්කරපහක්”1970 දී වෙන්කරගෙන අවසන් ..”1970දී නිම්වලල්ලෙන්” මතුව “අහස්ගව්ව1975″නගිද්දී මුණගැසුනු “තරංගාට 19756 පෙම්කොට “1978 වර්ශයයේ දීම අපේක්ශා”සියල්ල බිදදමා “අනුපමා 1978″ දී විවහාකරගෙන අලුත් ජීවිතයක් සොයා යද්දී ” ඔබට හිතැති අහල පහල “බබරු ඇවිත් 1978″කරන්නට ගිය හදිය දැක…”පොඩිමල්ලී 1979 ” සමග එක්ව උන්ට අමතක නොවනා පාඩමක් උගන්වා දුන්නේය ..

එයින් කලංට මහඋළුගෙදර තපින්නට වීය…එහිදී “කාන්චනා 1980” සමග ආදරයක් ඇතිවිය .ඒනිසා 1980 දීම තමාගේ හොදම ආලය “පරිත්‍යාගය” කලේය.පසුව කාලය කෙමෙන් ගෙවී යද්දී “1980 දී සිංහබාහු ” බදු පියෙකු වූ මොහු1981 දී ” වජිරා සමග සාගරයක් මැද”තනිවිය.තෙරක් නොපෙනෙන සමුදුරේ දිනෙක ඈත පිහිටි ධවල පාට වූ පාලු “ප්‍රදීපාගාරය” ක් 1982 දී මොහුට එම සයුර තරණයට එළිය විය.

පිහිනා එම වසරේම ගොඩබිමට බට මොහු අ වසර තුලම නිදිවරා උනන්දුවෙන් වැඩ කොට ඉතා කෙටිකලකින් “යස ඉසුරු” සොයා මහත් වූ “සක්විති සුවය”කින් කල්ගෙවූ බව එකළ පත පොතෙහි සදහන් විය.

කෙමෙන් මුදලින් සරු වෙද්දී 1983දී දුටුව “සමනළ සිහිනය”කින් 1984 දී ජීවිතයේ මවා ගත් “වැල්ලේ තැනු මාලිගා”වක සිට 1985 දී “රැජින”ක් සමග හාද වී එම වසරේම ඇයසමග “ඩොරින්ගේ සයනයේ” දී යහන්ගත් වී රෝමාන්තිකව මේරූ ආලය 1986 දී ඈ වෙනුවෙන් සදහටම “ජූජා” කලේය….

එම ආලය මල්පළ දරා …එම වසර තුලම ඔහුට “මල්වරුසා” ඇදහැලුනු අතර එය පසුපස ජීවිතය හඹගිය ඔහුට වසරකට පසු එනම් 1986දී “පොඩි විජේ” බදු යහපත් දාමරිකයකුට සිය චරිතයෙන්ම මාරුවන්නට විය…කාලයක් ගත්වෙද්දී 1990දී “පෙම් රජදහනේ” කිරුලුපළන් මොහු හිස උදුම්මා ගෙන ……..කෙමෙන් වෙනස් වන්නකු බවට පත්විය…..1991දී ” දොළොස්මහේ පහන” කාලයක් අකලට දල්වා එහි අතුරු ප්‍රතිඵල විද 1994 දී “150 මුල්ලෙරියාව” බසයෙන් ප්‍රතිකාර ගැනීමය යාම නිසාම එම වසරේ රැජින සමග තිබූ “අඹුසැමියෝ”සබදතාද බිදවැටී…පෙරකී වැල්ලේ තැනූ “අහස් මාලිගා” සියල්ල බිද වැටුණි.

READ:   තෙල් සේවකයෝ අඛණ්ඩ සත්‍යග්‍රහයක

2004 තෙක් “දිය යට ගින්දර” මෙන් ලෝකයෙන් සැගවී ජීවත් වූ මොහු 2009 වනතෙක්ම…… “රෝසමල් සයනයක”හුදකලාවේ වැතිර සිට 2014 වසරේ “කේ සෙරා” සමග ප්‍රේමාරංගන රතියේ යෙදී ….2017දී “හිම තාරුකා ” බිද …

ඔහුගේ ජීවිතය තුල අප නොදුටු දෑ අනාගතෙයේ අපට නැරබුමට යමක් ලෙස ” මෙගා” ලෝකයක තුල.ඉතිරිකොට මේ මහා අසහාය රංගධරයාගේ අප්‍රකට “කුමර චරිත” සහ “මානවක” යන පරිචයන් සිනමා ලෝකයේ ඉතිරිකොට තබා……01-04-23 සදහටම මෙලොවින් නික්ම ගියේය.

“ජීවිතය තුල.ඇතමෙක් රගති නෙක භූමිකා…එහෙත් වේදිකාව තුල.කිසිත් නොකොට”කලං ඔබට සුබ ගමන්! මම ඔබව දුටු ඔබේ රංගනයට පණමෙන් ආදරය කල!

චිත්‍ර ශිල්පී – ගිහාන් ඉදුනිල්

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්