Tuesday, September 1, 2026
Homeදේශීය"වහාම විදුලි බිල අඩු කරන විදිහ කියන්න " - විදුලිබල මණ්ඩලයට ලිපියක්

“වහාම විදුලි බිල අඩු කරන විදිහ කියන්න ” – විදුලිබල මණ්ඩලයට ලිපියක්

ඉන්ධන මිල පහළ යෑමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය ගැන කඩිනමින් දැනුවත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ මහතා ඊයේ (31) පෙරවරුවේ එම ලිපිය විදුලිබල මණ්ඩලයට යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

ඩීසල් ලීටරයක් රුපියල් 80 කින් අඩු කිරීමට රජය කටයුතු කර තිබීම සහ ලෝක වෙළඳපොලේ බොරතෙල් සහ ගල් අඟුරු මිල පහත වැටී තිබෙන අවස්ථාවක සභාපතිවරයා විසින් මෙම ලිපිය විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

READ:   සුවය ලැබූ නාවික සෙබලුන් ගණන තවත් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්