Sunday, September 13, 2026
HomeදේශීයBREAKING-බේරුවල මුහුදේ භූ කම්පනයක්

BREAKING-බේරුවල මුහුදේ භූ කම්පනයක්

බේරුවල මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක ඒකක 3.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඇති ව තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් සුනාමි හෝ වෙනත් අවධානම් තත්වයක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවා.

කෙසේවෙතත් එම භූ කම්පනය බේරුවල, කලුතර, කටුකුරුන්ද යන ප්‍රදේශ කිහිපයක ජනතාවට දැනී ඇති බව වාර්තා වෙනවා.

 අද(30) දහවල් 1.02 ට පමණ බේරුවල වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 37ක දුරින් සාගර කලාපයේ මෙම භූකම්පනය සිදුව ඇති බවත් මෙමඟින් සුනාමි අවදානමක් නොමැති බවත් සදහන් කෙරේ.  

තත්පර 30ක පමණ කාලයක් මෙම කම්පන තත්ත්වය හටගෙන ඇත. 

 

READ:   සහල් වර්ග 03ක මිල අඩුකරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්