Monday, June 15, 2026
Homeදේශීය" වැටුප් වැඩිවීමක් ඉල්ලුවත් ත්‍රස්තවාදී වරදට දාන්න පුළුවන් මේ පනතින් " -...

” වැටුප් වැඩිවීමක් ඉල්ලුවත් ත්‍රස්තවාදී වරදට දාන්න පුළුවන් මේ පනතින් ” – පුබුදු (VIDEO)

පසුගිය මාර්තු 22 වනදා ගැසට් කර ඇති නව පනත් කෙටුම්පත හරහා ගෙන එන ත්‍රස්ත විරෝධී පනත, මෙතෙක් ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට වඩා දැඩි මර්ධනකාරී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් බව පෙරටුගමී සමජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු මහතා පවසනවා.

දැනට පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරමින් ගෙන එන එම පනත, ලක්ෂ 225ක් වන රටේ ජනතාව ත්‍රස්තවාදය පිළිබඳ වරදක් කරනවා යන්න උපකල්පනය කර සකසා ඇති බව ඔහු පෙන්වා දෙනවා.

පෙරටුගමී සමජවාදී පක්ෂය විසින් අද (25) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.

ආණ්ඩුව ගන්නා යම් තීරණයක් පිළිබඳව ආණ්ඩුවට බලකිරීම මෙම පනත හරහා ත්‍රස්තවාදී ක්‍රීයාවක් ලෙස අර්ථ දක්වා ඇති බව ඔහු පවසනවා.

ඒ අනුව යම් පුද්ගලයෙක් වැටුප් ඉල්ලීමක් , ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක් කලොත් එය ආණ්ඩුවකට කරන ලද බලපෑමක් ලෙස සලකා ත්‍රස්තවාදී වරදට දැමීමේ හැකියාව නව පනත තුළ නිර්මාණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

විස්තර සහිත එම විඩියෝව පහතින්

READ:   'අවන්හලක ඉපදී මා මිය යනවා නම්' ෂෙල්ටන් මුතුනමගේ සමුගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්