Thursday, September 17, 2026
Homeදේශීයමුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි දන්වා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගයට අනුකූලව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමින් ඉල්ලා තිබෙනවා.

READ:   ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්