Wednesday, July 22, 2026
Homeදේශීයදහඅට වංගුව යළි වසා දැමේ

දහඅට වංගුව යළි වසා දැමේ

නායයෑමේ අවදානම හේතුවෙන් මහියංගනය – මහනුවර මාර්ගයේ දහඅට වංගුව ආශ්‍රිත මාර්ගය යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා.

නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 08.00 සිට අලුයම 05.00 දක්වා දහඅට වංගුව ආශ්‍රීත මාර්ගය මෙලෙස වසා තැබීමට නියමිතයි.

පස් ගල් කඩා වැටීමේ අවධානම නිසා අද (20) උදෑසන වසා දැමුණු මහියංගනය – මහනුවර මාර්ගය, මාර්ගයට වැටී තිබූ පස් ගල් ඉවත්කිරීමෙන් අනතුරුව රථවාහන සඳහා නැවත විවෘත කර තිබුණා.

READ:   චොක්ලට් එකක තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්