Friday, October 31, 2025
Homeදේශීයසේවකයන් වලපල්ලට යවමින් Dialog බලහත්කාරී සේවක කප්පාදුවක?

සේවකයන් වලපල්ලට යවමින් Dialog බලහත්කාරී සේවක කප්පාදුවක?

Dialog Axiata Plc ආයතනයේ සේවකයන් සම්බන්ධයෙන් බරපතල ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

Dialog Axiata ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය විසින් group service delivery අංශයේ ස්ථිර සේවකයන් 100 අධික පිරිසකගෙන් බලහත්කාරයෙන් තම සේවය අවසන් කිරීම පිළිබඳව ඉල්ලා අස්විමේ ලිපි ඉල්ලා බල කර ඇතැයි වාර්තා වෙනවා.

එසේ ඉල්ලා අස්විමේ ලිපි ලබාදිමට අකැමති සේවකයන් සඳහා ”VOP” හෙවත් සේවය හැර ගියා සේ සළකා සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඉහළ කළමනාකාරීත්වය විසින් දැනුම් දී තිබේ.

මෙසේ සේවකයන්ට ඉල්ලා අස්වීමටත්, අකැමති අය ඉවත් කිරීමටත් ආයතනය කටයුතු කරමින් යන්නේ ස්ථිර සේවකයන් dialog axiata ආයතනයෙන් ඉවත් කර subsidiary සමාගමක් යටතට පත් කිරීමේ අරමුණින් බව වාර්තා වේ.

මේ හේතුවෙන් සේවකයන්ගේ අනාගත රැකියා සුරක්ෂිත භාවය පිළිබඳව බරපතල අවිනිශ්චිත බවක් ඇති ව තිබේ.

1971 අංක 42 දරණ සේවකයන්ගේ රැකියාව අවසන් කිරීම විශේෂ විධිවිධාන පනත උල්ලංඝනය කරම්න් , කිසිදු වන්දි ගෙවිමකින් තොරව මෙම කටයුත්ත සිදු කිරීමට ඩයලොග් ආයතනය කටයුතු කරමින් තිබීම බරපතල ගැටළු ඇතිකරන්නක් බවට පත්වෙමින් තිබේ. විශේෂයෙන් ම ආයතනයේ අනෙකුත් අංශ වල වන්දි ගෙවිම් සිදු කළ ද, group service delivery අංශයේ කළමනාකරණාකාරිත්වය මෙසේ වන්දි ගෙවා ඉවත් කිරීමේ ක්‍රමවේදය ප්‍රතික්ෂේප කර තිබේ.

තවත් බරපතල කරුණක් වන්නේ, සේවකයන් බලහත්කාරයෙන් අනුයුක්ත කිරීමට සැරසෙන subsidiary ආයතනයේ නව සේවා ගිවිසුම මගින් සේවකයන්ගේ ස්ථිර භාවය තහවුරු කිරීමේ ක්‍රමවේදයක් සකසා නොතිබීමය. මේ වන විටත් dialog axiata ආයතනය නුවර ප්‍රදේශයේ සේවකයන්ගෙන් බලහත්කාරයෙන් ඉල්ලා අස්විමේ ලිපි ලබාගැනීමට කටයුතු කර ඇති බව ද, අප වෙත වාර්තා වී තිබේ.

dialog axiata වැනි ශ්‍රී ලංකාවේ දිගු කාලයක් අධිකතර ලාභ ලබමින් ක්‍රියාත්මක වූ ආයතනයක් මේ ආකාරයෙන් සේවකයන් කප්පාදු කරමින් ඔවුනගේ පටු ව්‍යාපාරික අරමුණු පමණක් ග්‍රහණය කර ගනිමින් සිදු කරගෙන යන මෙම වැඩපිළිවෙල තරයේ හෙලා දැකිය යුත්තක් මෙන් ම කම්කරු බලධාරීන්ගේ ද දැඩි අවධානයට ලක්විය යුත්තක් බව අපි අවධාරණය කරමු.

READ:   ප්‍රමාද වූ සියලු විභාග 2024 දී අවසන් කිරීමට පියවර

Copied: News Pedia

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්