Tuesday, April 28, 2026
Homeදේශීයලිස්ටීරියා රෝගය ගැන වෛද්‍යවරුන්ගෙන් දැනුම් දීමක්

ලිස්ටීරියා රෝගය ගැන වෛද්‍යවරුන්ගෙන් දැනුම් දීමක්

ලිස්ටීරියා රෝගය සම්බන්ධයෙන් මේ දක්වා අවදානම් තත්ත්වයක් පැන නැගී නොමැති බව ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

වෛද්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් මේ පිළිබඳව අධ්‍යයනයන් සහ අවශ්‍ය පරීක්ෂණ කටයුතුවල නිරතව සිටින බව ය.

මේ වනවිට මෙරටින් ලිස්ටීරියා රෝගය වැළඳුණු එක් රෝගියෙකු පමණක් මිය ගොස් ඇති බව ත් තව ත් රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇති නමුත් ඔවුන් ලිස්ටීරියා රෝගීන් බව මෙතෙක් තහවුරු වී නොමැති බව නවීන් ද සොයිසා මහතා කියා සිටියේ ය.

වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, ආහාර හරහා ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බව ත් රෝග ලක්ෂණ ලෙස පාචනය, බඩේ අමාරුව, උණ, හිසරදය ඇති විය හැකි අතර අත් සේදීම, අහාර පිළියෙළ කිරීමේදී පිළිපැදිය යුතු නිවැරදි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමන කිරීමෙන් මෙම රෝගයෙන් වැළැකී සිටිය හැකි බව ය.

මෙම සිදුවීම ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව සිදු වන බවට සමාජ මාධ්‍ය ජාල හරහා පුවත් සංසරණය වෙමින් පවතින අතර එම ස්ථානය ආශ්‍රිතව අධ්‍යයනය කටයුතු සිදු වෙමින් තිබෙන බව ද වෛද්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

උපුටා ගැනීම – මව් බිම පුවත් පත

READ:   15 හැවැරිදි පෙම්වතිය බැලීමට යෑම සඳහා බස් රථයක් සොරකම් කල තරුණයාගේ දෙමාපියන්ට දැඩි අවවාද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්